රනිල්ට ඡන්දය දීම, රනිල්ගේ රජයේ අගමැතිකම බලාපොරොත්තුව සිටින රවී කරුණානායකට දෙන ඡන්දයක් බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවසීය.
මහරගම මැතිවරණ බලප්‍රදේශයේ කාන්තා බලමණ්ඩල හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
මීට කලකට ඉහතදී ජීවත් වූ ආකාරය මතකයක් පමණක් වූ වර්තමානයේ, නිවසේ විදුලි බුබුලක් ක්‍රියාතමක කරන්න, ජල කරාමයක් අරින්න, බෙහෙත් බොන්න, තුන් වේල කන්න, දරුවා උපකාරක පන්තියකට යවන්න, ඇඳුම් සපත්තු අලුතින් ගන්නවද, අලුත්වැඩියා කරන් තව පාවිච්චි කරනවද යනාදී සියලු ගැටළු කළමණාකරණය කරන්නේ අම්මාවරුන් විසිනි. තම ඇඳි වත රැකගෙන, තම දරුවාට අලුත් ඇඳුමක් මිලදී ගන්නට නොහැකිව හූල්ලන අම්මාවරුන් කොපමණ මෙරට ඇත්දැයි, පැමිණ සිටි මව්වරුන්ගෙන් මරික්කාර් මන්ත්‍රීවරයා විමසීය.
කාන්තාව යනු ස්ථිරසාර තීරණයන් ගන්නා ශක්තිමත් කොට්ඨාසයක් හෙයින් තම පවුලේ වගකීමත්, දරුවාගේ අනාගතයත් රඳා පවතින්නේ කාන්තාවන් අත බව ඒ මහතා අවධාරණය කළේය. මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම යනු කප්පම් ප්‍රසන්න, උඩතලවින්නේ රත්වත්තේ, පයාගල රත්තරන්, නාවලපිටියේ මහින්දානන්ද දිනවන්න ඡන්දය දීමක් හා සමානය. එසේත් නැතිනම් නිමල් සිරිපාල, අමරවීර, ලසන්ත, දුමින්ද වැනි අඛණ්ඩව වසර 25ක් පුරා සෑම ආණ්ඩුවකම ඇමති ධුර දැරූවන් දිනවීමට ඡන්දය දීමකි. එමෙන්ම ඉතිහාසයේ අරන්තලා පුද බිමට, සිරි දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාර එල්ල කළ වුන් දිනවීමට ලබා දෙන ඡන්දයකි. බාර් පර්මිට් එකට මාරු වන බාර් කුමාරලා, සල්ලි මලු වලට හුවමාරුවන ඇතැම් මුස්ලිම් මන්ත්‍රීවරු දිනවන්න නම් රනිල්ට ඡන්දෙ දෙන ලෙස මන්ත්‍රීවරයා කියා සිටියේය. ඉන් නොනැවතුණු සජබ මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරික්කාර් මහතා කියා සිටියේ, රනිල්ට ඡන්දය දීම, රනිල්ගේ රජයේ අගමැතිකම බලාපොරොත්තුව සිටින රවී කරුණානායකට දෙන ඡන්දයක් බවයි. එමෙන්ම සාගල, අකිල, රංගේ සියල්ල දිනවන්න ලබා දෙන ඡන්දයකි.