Spread the love

අම්පාර සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක රියදුරුට ඇතිවු හෘදයාබාධයක් හේතුවෙන් බස්රථය පාරෙන් ඉවතට පැන ගසක ගැටී රියදුරු මියගොස් තිබේ.
බස්රථය අනතුරට පත්වන අවස්ථාවේ බස් රථයේ මගීන් 40 ක් පමණ සිටි අතර එයින් එක් මගියකු පමණත් සුළු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අම්පාර ඩිපෝවේ සේවයේ නියුතු 49 හැවිරිදි මංජුල ප්‍රසන්න නැමැති ගහගහකැලේ පදිංචි දෙදෙරු පියෙකි.
රියදුරුට ඇතිවූ යම් අසනිප තත්වයක් නිසා ඔහු බස් රථය ඉඟිනියාගල මහා විදුහල අසල නවත්වා එම ස්ථානයේ පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත ගොස් ප්‍රතිකාර ගෙන නැවත කොළඹ බලා පිටත්ව තිබේ.

ඔහුගේ අසනීප තත්ත්වය බැරෑරුම් බැවින් මෙම ගමන නොයන ලෙසට වෛද්‍යවරයා උපදෙස් දී ඇතත්, වෙනත් රියදුරෙක් නැති බව පවසමින් ඔහු කොළඹ බලා බස් රථය ධාවනය කර ඇත.

වෛද්‍යවරයා හමුවී සැතපුම් 10 යන්නට පෙර බස් රථයේ රියදුරා නැවත අසනීප වී බස් රථය ඊයේ රාත්‍රි 7.00 පමණ මාර්ගයෙන් ඉවතට අනතුරක් සිදුවිමත් සමගින් රියදුරු මියාගොස් ඇතැයිද පොලිසිය පවසයි.