බගවන්තලාව නගරයට කිසියම් ප්‍රදේශයක වෙසු රිලවුන් රංචුවක් අල්ලා බගවන්තලාව නගරයට ගෙනවිත් දැමිම හේතුවෙන් තමන් දැඩි අසිරුතාවයට පත් වි ඇති බව බගවන්තලාව නගරයේ ව්‍යාපාරික ප්‍රජාව සහ ප්‍රදේශවාසින් පවසයි.
දැනට මාසයක පමණ කාලයක් තුල මෙම රිලවුන් රංචුව රැගෙනවිත් බගවන්තලාව ප්‍රදේශයට දමා ඇති බවත්, මේ වන විට එම රිලවුන් තම වෙලදසැලේ ප්‍රදර්ශනය කර ඇති එලවළු සහ පලතුරු රැගෙන පලා යන බවත්, පවත්නා තත්ත්වය මත එම රිලවුන් රංචුවෙන් ගැටළු රැසක් මතු වි ඇති බවයි එම වෙලෙදුන් කියා සිටින්නේ.
රිලවුන් බිය ගැන්විම සදහා ගොරිල්ලෙකුගේ රුව සහිත වෙස් මුහුණක් පළතුරු සහ එලවළු මත තබා ඇති බවත්, එම වෙස් මුහුණු දෙස නොබලා රිලවුන් පළතුරු සහ එලවළු රැගෙන පලා යන බවයි වෙලෙදුන් කියා සිටින්නේ.
දැනට බගවන්තලාව නගරයේ සිටි රිලා රංචුව පැටවුන් දමා බෝ විමට ප්‍රථම අල්ලා වෙනත් සුදුසු පරිසරයකට රැගෙන ගොස් මුදා හරින ලෙස බගවන්තලාව නගරයේ ව්‍යාපාරිකයන් අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.
