අධික උෂ්ණාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් පානිය ජලය සොයා පැමිණෙන සතුන් ඝාතනය කිරිමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ජනතාව පවසයි .
දහ්වල් කාලයේ සහ රාත්‍රි කාලයේ සතුන් ඝාතනය කිරීම සිදු වන අතර වෙඩි තැබිමේන් සහ හක්කපටස් යොදා සතුන් ඝාතනය කිරිම සිදු වේ.
ඇතැම් ප්‍රදේශවල නීති විරොධී විදුලිය භාවිතා කර සහ විවිධ උගුල් මානමින් සතුන් ඝාතනය කර මසට විකුණන බව පවසන ජනතාව මේ සදහා ඇතැම් රාජ්‍ය නිලධාරීන් ගේ සහය ලැබෙන බව පවසයි .
ඌරන්,ඉත්තෑවන් ,ගවයන් ,හාවාන් මීමින්නන් ඇතුළු සතුන් වැඩි වශයෙන් ඝාතනය කිරිම සිදු වේ.
