Spread the love

නිමල් රාජපක්ෂ

පුත්තලම නොරොච්චෝලේ ප්‍රදේශයේ හා හම්බේගමුව බලහරුව අලුත්වැව ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී රුපියල් තුන්කෝටි අටලක්ෂයක් වටිනා මත්පෙති තොගයක් හා කංසා හෙන් හතරක් සමගින් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු ස්ථානාධිපත නිරෝෂ් ජයකොඩි මහතා පවසයි.

පුත්තලම නොරොච්චෝලේ ප්‍රදේශයේ නීති විරෝධිව මුහුදු මගින් මෙරටට ආනයනය කරන ලද ඹෟෂධ නොහොත් මත්පෙති දෙලක්ෂ දහසය දහසක් තිබු අතර එහි වටිනාකම එක්කෝටි අටලක්ෂයක වනු ඇත. එහිදී අත්අඩංගුවට ගත් සැකකරුව නොරොච්චෝලේ ප්‍රදේශයේ අයකු වන අතර පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කොට දඩ නියම කළේය.


පෙරේදා(16) රාත්‍රිෙය් හම්බේගමුව බලහරුව අලුත්වැව ප්‍රදේශයේ ජනාකිර්න ප්‍රදේශයක වගාකර තිබු වනඅලි ඉන්න වගා බිමක අක්කර තුනක පමණ කංසා හේන් හතරක් පාන්දර 3ට පමණ වටලා එහිතිබු කංසා පැල හතළිස් දහසක් පමණ ගලවා විනාස කර දැමුවා එහිදි අත්අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කොට ඒ සියළු දෙනාට එක් අයෙකුට රුපියල් හත්දාහ බැගින් මහේස්ත්‍රාත් තුමා දඩ ගෙනවනලෙස නියම කලා. එම කංසා තොගයේ වළෙද පල වටිනාකම කෝටි දෙකකට අධිකය බවය නිරෝෂ් ජයකොඩි මහතා පැවසුවේය.

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න