නිමල් රාජපක්ෂ
ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෙයිමන්නාරම, කුඩිඉරිප්පු සහ පේසාලේ අතර වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව 2025 අගෝස්තු මස 12 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන විසි හතරකට (24) අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා කිලෝ එකසිය දහයයි (110) ග්‍රෑම් හයසියයක (600) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
