නිමල් රාජපක්ෂ
ශ්රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව කල්පිටිය තිගාලි ප්රදේශයේ පෙරේදා ( 11) වැනි දින රාත්රී කාලයේ සිදුකළ විශේෂ එකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රුගෙන ආ බීඩි කොළ කිලෝ ග්රෑම් තුන්සිය හැත්තෑනවයකට (379) අධික තොගයක්, විදේශීය දුම්වැටි හයදහසක් (6000), ඖෂධ පෙති දෙලක්ෂ අසූඑක්දහස් දෙසීයක් (281200) සහ ඖෂධ එන්නත් එක්දහස් දෙසීය අනූඑකක් (1291) සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා විජය ආයතනය විසින් කල්පිටිය පොලීසිය හා එක්ව කල්පිටිය තිගාලි ප්රදේශයේ සිදුකළ මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම ප්රදේශයේ සැකකටයුතු නිවසක් පරීක්ෂාවට ලක් කෙරිණි. එම නිවසේ තිබී නිීතිවිරෝධීව මෙරටට රැගෙන ආ බීඩි කොල ,දුම්වැටි , ඹෞෂධ පෙති සමගින් සැකකරුවක් අත්අඩංගුවට ගැනිමට හැකිවී තිබිණ.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 25ක් වන කල්පිටිය එත්තාලෙයි ප්රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු සමඟ බීඩි කොළ, විදේශීය දුම්වැටි, ඖෂධ පෙති සහ ඖෂධ එන්නත් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
