නිමල් රාජපක්ෂ-
දිවුලපැලැස්ස දේදුණු කෘෂිකාර්මික සමූපකාර සමිති පරිශ්‍රයේදී රුපියල් ලක්ෂ 88ක වටිනාකමින් යුත් නවීන බිත්තර වී නිෂ්පාදනාගාර යන්ත්‍රය විවෘත කිරීම ඊයේ (09) දින වැවිලි සහ ප්‍රජායටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන් ලදි.
ගොවි ජනතාවගේ නිෂ්පාදන සඳහා වැඩි වටිනාකමක් එක් කරමින් ඔවුන්ගේ ආදායම් මාර්ග ශක්තිමත් කිරීමට දේශීය කෘෂිකර්මාන්තය නවීන තාක්ෂණය හා වෙළෙඳපොළ අවස්ථා සමඟ ඉදිරියට ගෙන යාම සඳහා මෙවැනි ව්‍යාපෘති ඉතා අත්‍යාවශ්‍ය වේ.
මෙවැනි තාක්ෂණික පහසුකම් ගොවි ජනතාව වෙත ලබාදීම තුළින් ගුණාත්මක බිත්තර වී නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, ගොවීන්ගේ නිෂ්පාදන ඵලදායිතාව සහ ආදායම වැඩි කිරීමටත්, වෙළෙඳපොළ අවස්ථා සමඟ සම්බන්ධ කරමින් ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම රජයේ ප්රමුඛ අරමුණක් බව අමාත්‍යවරයා මෙහිදි සඳහන් කළේය.
ගොවි ජනතාවගේ සහභාගීත්වය හා සමූපකාර ව්‍යාපාරයේ ශක්තිය මත වසර 20ක් පුරා ඉදිරියට පැමිණ ඇති දේදුණු සමූපකාර සමිතිය, ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ආර්ථික හා සමාජීය ශක්තිමත්භාවය සඳහා සිදුකරන දායකත්වයද අමාත්‍යවරයාගේ ඇගයීමට ලක් විය.
මෙම අවස්ථාවට වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර මහතා, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතා, මහියංගණ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා, සමූපකාර නිලධාරීන් සහ දේදුණු සමූපකාර සමිතියේ විශාල සාමාජික පිරිසක් ඇතුළු පිරිසක් සහභාගී විය.
