Spread the love


නිමල් රාජපක්ෂ-

දෙහිඹ්විට දැරනියගල ,යටියන්තොට, රුවන්වැල්ල හා බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කල සෝදිසි මෙහෙයුම් වලදී නීති විරෝධි මත්පැන් ජාවාරම් කරුවන් අධිකරණ වෙත ඉදිරිපත් කොට, හෝටල් ආපනශාලා හාටබීම හල් වල වැරදි සදහා බලපත්‍ර ලාභීන්ගෙන් සමථ ගාස්තු අයකර රුපියල් තිස්තුන් ලක්ෂයක දඩ ආදායමක් රජයට ලබා දීමට රුවන්වැල්ල සුරාබදු නිලධාරීන් සමත්වි ඇත.


සිය බලප්‍රදේශයේ පසුගිය වසර තුළ සිදු කල වැටලිම් වලදි නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාර 27 , කිසිප්ප ජාවාරම් සිදුකල , ගංජා ,අයිස් හා තීරු බදු නොගෙවු සිගරැට් අලෙවි කළ සැකකරුවන් 432 ක් කොටු කර ගැනීමට සමත්වු බව රුවන්වැල්ල සුරාබදු ස්ථානාධිපති ශාන්ත කුමාර මහතා පවසයි.


මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අවිස්සාවේල්ල හා රුවන්වැල්ල අධිකරණ වෙත ඉදිරිපත් කොට රුපියල් තිස් ලක්ෂයක දඩ මුදලක් අයකර ගැනීමට සමත්වී තිබේ.

මීට අමතරව හෝටල් , රාත්‍රි සමාජ ශාලා හා රටබිම හල්වල සිදු කල සෝදීසි මෙහෙයුම් වලදි බලපත්‍ර කොන්දේසි කඩකරමින් මත්පැන් අලෙවි කල බලපත්‍ර ලාභින්හ- 42 කුට කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත් කොට අදාල බලපත්‍ර ලාභීන් සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ඉදිරිපත් කොට රුපියල් තුන් ලක්ෂයක සමථ ගාස්තුවක් අයකර ගත් බවද ශාන්ත කුමාර මහතා පවසයි.

නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් සමන්ත කොස්තා මහතාගේ උපදෙස් මත , සුරාබදු අධිකාරි වජිර විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ , රුවන්වැල්ල සුරාබදු ස්ථානාධිපති ශාන්ත කුමාර මහතාගේ මෙහෙයවීමෙන් , සුරාබදු පරික්ෂක පරීක්ෂක නුවන් අදිපත්තු , මහසැරයන් ගම්ලත්, කෝප්‍රල්වරුන්වන ඩයස්, දිනේෂ, හසිත , විරකෝන්  .රියදුරු රුවන් යන නිලධාරීහු මෙම වැටලිම් සිදු කළහ.