නිමල් රාජපක්ෂ
ජපන් සහ රුමේනියා රාජ්‍යන්වල ප්‍රථමවරට රැකියා සඳහා විදේශ ගත වීමට සිටින අපේක්ෂිතයන්ට පෙර විගමණික පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. මෙම පුහුණුව නොමැතිව කාර්යාංශ ලියාපදංචිය ලබා ගැනීමට නොහැකි බැවින් ජපන් සහ රුමේනියා රාජ්‍යන්වල ප්‍රථමවරට රැකියා සඳහා විදේශ ගතවන සියලුම රැකියා අපේක්ෂිතයන් කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගැනීමට පෙර මෙම පුහුණු පාඨමාලාව සම්පූර්ණ කිරීම අනිවාර්ය වේ.
ජපන් සහ රුමේනියා රාජ්‍යන් තුළ ඇති සියලුම රැකියා කාණ්ඩ සඳහා මෙම පෙර විගමණික පුහුණු පාඨමාලාව අදාළ වේ. ජපන් රාජ්‍යයේ රැකියා අපේක්ෂිතයන් දින 02 ක් සහ රුමේනියා රාජ්‍යයේ රැකියා අපේක්ෂිතයන් දින 03 ක් ද මෙකී පුහුණුව සම්පූර්ණ කළ යුතු වේ.
මෙම අනිවාර්ය පුහුණු පාඨමාලාව සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සියලුම ශාඛා කාර්යාලවලින් ලියාපදිංචිය ලබා ගත හැකි අතර මේ සඳහා පුහුණු ගාස්තුවක් අය කෙරේ.
පන්නිපිටිය පුහුණු මධ්‍යස්ථානයේ දී හා සබරගමුව පළාත් විගමනික සම්පත් මධ්‍යස්ථානයේ පිහිටි පුහුණු මධ්‍යස්ථානයේ දි පාඨමාලාවන් පැවැත්වෙන අතර මෙම පුහුණු පාඨමාලා සැප්තැම්බර් 01 ජපන් රැකියා සදහා දෙදින පුහුණු පාඨමාලාවද, සැප්තැම්බර් 3 රමේනියා රැකියා සදහා තෙදින පුහුණු පාඨමාලාවද ආරම්භ කල බව කාර්යාංශය සඳහන් කරයි.
මෙම රටවල රැකියා සදහා විදේශ ගතවන ශ්‍රමිකයන්ට, අදාල රටවල සංස්කෘතිය, නීතිරිති, සමාජ සංස්කාතිය, ආගම, මුදල් පරිහරණය, රැකියා ස්ථානයේ හැසිරීම ඇතුලු වැදගත් තොරතුරු මෙම පාඨමාලා කාලය තුලදි ලබා දේ.
මෙම පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා කාර්යාංශ කර්මාන්ත හා ආයතනික පුහුණු අංශයේ 0112366457 හෝ 1989 යන අංක ඇමතීමට හා www.slbfe.lk වෙබ් අඩවිය වෙත පිවිසීමට හැකිය
