Spread the love

මාලන් විතාන

රුසියානු සමූහාණ්ඩුව සමග ආර්ථික, දේශපාලනික, සමාජීය හා සංස්කෘතිකවශයෙන් පවතින දිගුකාලීන මිත්‍රත්වය ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රයන්ගේ ප්‍රගමනයට හේතුවන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල පැවසුවේය.

ජුනි 12 වන දිනට යෙදෙන රුසියානු ජාතික දිනය නිමිත්තෙන් සැමරුම් උළෙලක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පස්වරුවේ කොළඹදී පැවත්වුන අවස්ථාවේ මේ බව පැවසුවේය..

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය උපාලි පන්නිල සඳහන් කළේ

සියවස් ගනනාවක් පුරා දෙරට අතර පවතින මිත්‍රශීලී සහයෝගිතාව ඉතා අගය කළ යුතු බවත් , එළබෙන වසරේ රුසියානු සමූහාණ්ඩුව හා ශ්‍රී ලංකාව අතර නිළ රාජතාන්ත්‍රික සබඳතා සඳහා දශක 7ක් සම්පූර්ණ වන බවත් එය නව සංධිස්තානයකට එළඹීමක් බවත් සඳහන් කළා,

තවද ගෝලීය වශයෙන් රාජතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යාමේදී හා ශ්‍රී ලංකාව මුහුණ දුන් අර්බුදකාරී අවස්තාවන්වලදී රුසියානු සමූහාණ්ඩුව දැක්වූ සහයෝගය අගය කරමින් අමාත්‍යවර්යා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය කෘතඥතාවය පළ කළා.