Spread the love

මෙරට ගම්මිරිස් වගාවේ දිලීර රෝගයක් ව්‍යාප්ත වීමේ අවදානමක්. විමසිලිමත්වන්නැයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් ඉල්ලිමක් කරයි.

ක්ෂණික කොළ මැළවීමේ රෝගය හා සෙමින් කොළ මැළවීමේ රෝගය (Quick wilt and Slow wilt) මෙම දිලිර රෝග රෝග දෙක දක්නට ලැබෙන අතර ගම්මිරිස් වැල්වල මුල් පද්ධතිය ආශ්‍රිතව දිලීරය හට ගැනීම නිසා මුල් කුණුවීම හේතුවෙන් වැලට අවශ්‍ය නිසි ජලය හා පෝෂණය නොලැබීම නිසා ගම්මිරිස් වැල්වල කොළ මැලවී අවසානයේ වැළ මුළුමනින්ම ම මැරී යයි.

මීට අමතරව මෙම රෝග තත්ත්වය වඩාත් ව්‍යාප්තවීමට හේතුවී තිබෙන්නේ කඳන් විදින ගුල්ලා නැමැති සතා හානි කිරීම නිසා සිදුවන හානියයි.

මෙම රෝග පාලනය සඳහා නිර්දේශිත කර ඇත්තේ මැන්කොසෙබ් සියයට 64ක් හා මෙටලැක්සින් සියයට 08ක් අඩංගු දිලීර නාශක වේ. නිදසුන් ලෙස රිබෝමිල්, රෙඩොක්සිල් හා රෙඩොන් යන දිලීර නාශක මෙම රෝග තත්ත්වය පාලනය සඳහා සුදුසු වේ.

මෙවර මහ කන්නයේ මේ වනවිට මෙරට ගම්මිරිස් වගාවෙන් ඉහළ අස්වැන්නක් වාර්තා වී ඇත. සෑම ප්‍රදේශයකම ගම්මිරිස් වැල් කරළ් බරව තිබේ. නමුත් ගම්මිරිස් මූල මණ්ඩලය ආශ්‍රිතව හට ගන්නා මෙම දිලීරය නිසා මුල් කුණුවීම හේතුවෙන් ගම්මිරිස් කරළ් ද විනාශ වීමේ අවදානමක් මතු වී ඇති බවත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කළේය.

මෙම රෝග තත්ත්වය පාලනය සඳහා රෝගය වැළඳුනු ගම්මිරිස් වැල් ගිනි තබා විනාශ කිරීම මෙන්ම ඉහත කී රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම ද කළ යුතු යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී.