Spread the love

මධ්‍යම පළාතේ විධායක ශ්‍රේණි තනතුරු ත්‍රිත්වයක් සදහා නව පත්වීම් ලබාදීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී (11) සිදුවිය.

ඒ අනුව, පළාත් පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වශයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ II ශ්‍රේණියේ නිලධාරිණියක් වන ඒ.පී.පී.එස් අමරතුංග මහත්මියත්, පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වශයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ II ශ්‍රේණියේ නිලධාරිණියක් වන ආර්.තිලගේෂ්වරී මහත්මියත්, පළාත් විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වශයෙන් ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ I ශ්‍රේණියේ නිලධාරිණියක් වන ඒ.එම්.පී.එච්. අත්තනායක මහත්මියත් පළාත් ආණ්ඩුකාරවරයා අතින් සිය පත්වීම් ලිපි ලබාගැනීම මෙහිදී සිදුවිය.

මෙම අවස්ථාව සදහා පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද සහභාගී විය.