Spread the love

ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කාවින්ද සොයිසා පත් කරයි.

බැංකු ක්ෂේත්‍රයේ වසර 30 කට අධික පළපුරුද්දක් සහිත ඔහු වසර 25 කට අධික සිය කළමණාකරන පළපුරුද්ද තුළින් දේශීය මෙන්ම ගෝලීය බැංකු වෙත සැළකිය යුතු දායකත්වයක් ලබාදී ඇති වෘත්තිකයෙක් බවයි සඳහන් වෙන්නේ.

Citi bank N.A. Sri Lanka හි අධ්‍යක්ෂවරයකු සහ මෙරට ව්‍යාපාර ප්‍රධානියා ලෙසද ඔහු කටයුතු කර තිබෙනවා.

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් MBA උපාධිය ලබා ඇති අතර, එහිදී ස්වර්ණ මුද්‍රිකාලාභියකු ලෙස සිය විශිෂ්ටත්වය ප්‍රකට කිරීමට සමත්වී තිබේ.