Spread the love

සිවිල් පුද්ගලයන් සතු ගිනි අවි යළි බාරදීමට නිකුත් කර ඇති උපදෙස් මඟහරින පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ගිනි අවි බාරදීම සම්බන්ධයෙන් අභියාචනා නොකළ සහ නියමිත දිනට බාර නොදෙන ගිනි අවි නීති විරෝධී ගිනි අවි ලෙස සලකා කටයුතු කරන බව එම අමාත්‍යාංශය පවසයි.

මෙතෙක් නිකුත් කර ඇති ගිනි අවි සහ ඒවායේ හිමිකරුවන් සම්බන්ධයෙන් සියලු තොරතුරු අමාත්‍යාංශය සතුය.

සිවිල් පුද්ගලයන්ට නිකුත් කර ඇති ගිනි අවි බාරදීමට ඇති කාලය ලබන 21 වැනිදායින් අවසන් වෙයි.

ගිනි අවි ලබා ගෙන තිබෙන පුද්ගලයන් 1200ක් ගිනි අවි බාරදීම සම්බන්ධයෙන් අභියාචනා ගොනුකර තිබෙ.

ඒ අනුව ඔවුන් ගිනි අවි සමග ලබන 20 පසු ආරක්ෂක අමාත්‍යාංශයට කැදවීමට තීරණය කර තිබේ.

දෛනිකව 50 බැගින් කැඳවා ගිනි අවි පිළිබඳව විගනනයක් සිදුකරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

අභියාචනා ඉදිරිපත් කල සියලු දෙනාට ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිය යුතු දිනය සහ වේලාව ලිඛිතව දැනුම් දී තිබේ.

සිවිල් පුද්ගලයන් 1700 ගිණිඅවි නිකුත් කර ඇතිබව ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.