රජය විසින් ඉන්දියාවෙන් ආනයනය කරන ලද ලුණු තොග රැගත් නෞකාව මේ වන විට ශ්‍රී ලංකාවට ආසන්න ළඟාවෙමින් පවතී.
අද පස්වරුව වන විට එම ලුණු තොග මෙරටට ලැබෙනු ඇති බව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය සඳහන් කරයි.
මෙවන විටත් පෞද්ගලික අංශය විසින් ආනයනය කරන ලද ලුණු තොග ඊයේ දිනයේ මෙරටට ලැබී ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මහතා පැවසුවේය.
මෙම ලුණු තොග ලැබීමත් සමග කිසිදු හිගයකින් තොරව එන සතියේ සිට පාරිභෝගිකයන්ට ලුණු මිලද ගැනීමේ හැකියාව පවතින බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
