Spread the love

ගාල්ල හික්කඩුව පන්නම්ගොඩ පාලම අසලදී සොරකම් රැසකට අවශ්‍ය කර සිටි පුද්ගලයකු අත්තඩංගුවටගත් බව හික්කඩුව පොලිසිය පවසයි.

අත්තඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 29ක් වූ බූස්ස ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

සැකකරු සතුව තිබී විදේශිය මුදල් ඩොලර් 50ක් සහ උපැස් යුවලක් සැකකරු සතුව තිබී සොයාගෙන තිබේ.

මේ අතර සැකකරුගෙන් සිදුකල ප්‍රශ්න කිරීම් වලදී සොරකම් සඳහා සම්බන්ධ වූ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්තඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්තඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 28 සහ 43 වයස්වල පසුවන බූස්ස ප්‍රදේශයේ පදිංචි කරුවන් ය.

සැකකරුවන් සතුව තිබි හෙරෝයින් ග්‍රෑම් 08 මිලිග්‍රෑම් 840 සොයා ගෙන තිබේ.

සොරකම් කරන ලද විදේශීය මුදල් ඩොලර් 2000ක්,උණු කරන ලද ග්‍රෑම් 43ක් බර රන් ගුලියක් සහ දිය මන්ති අල්ලන ලද රන් මුදුවක් සොයා ගත් බව පොලිසිය පවසයි.

හික්කඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.