නිමල් රාජපක්ෂ
වයඹ සුරාබදු බල ප්රදේශයේ නීති විරෝධී මත්ජාවාරම් කරුවන් නීතියේ රැහැනට ගෙන අධිකරණ වෙත ඉදිරිපත් කොට හා බලපත්ර ස්ථානවල වැරදි සදහා සමථ ගාස්තු අයකොට රුපියල් මිලියන 50 වැඩි දඩ ආදායමක් රජයට ලබා දීමට වයඹ සුරාබදු නිලධාරීන් සම්ත්වී ඇත.
මෙම දඩ ආදායම් ලබා ගැනීමට හැකිවී ඇත්තේ මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට ඹක්තෝබර් 30 වැනි දින දක්වා වු මාස දහයක් තුළ සිදුකල වැටලීම් වලින් බව කුරුණෑගල දිස්ත්රික් සුරාබදු අධිකාරි අරුණ සෝමරත්න මහතා පවසයි.
කුරුණෑගල දිස්ත්රික් සුරාබදු අධිකාරී කාර්යාලයට කුරුණෑගල , කුලියාපිටිය , මහව හා වයඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය අයත් වෙයි.
ප්රාදේශීය ලේකම් කොට්ඨාශ 31 කින් සමත්විත මෙම බලප්රදේශයේ වැටලීම් සිදු කොට සැකකරුවන් 2385 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සුරාබදු නිලධාරින් සමත්වී ඇත.
මෙහිදී නීති විරෝධි මත්පැන් නිෂ්පාදනාගාර 103 ක් ද , මත්පැන් සන්තකයේ තබා ගැනීම් (කසිප්පු)1858 ක්ද, බලපත්ර නොමැතිව විදේශ මත්පැන් විකිණීම් 180 ක් හා මත්පැන් නිෂ්පාදනාගාරවලින් උපකරණ පමණක් ලබා ගත් ස්ථාන 93 ක්ද අත්අඩංගුවට ගැනීමට සුරාබදු නිලධාරීන් හට හැකිවී තිබිණ.
අදාල සැකකරුවන් හා උපකරණ කුරුණෑගල දිස්ත්රික්කයේ අධිකරණ එකොළහකට ඉදරිපත්කොට රුපියල් මිලියන 20 ඉක්මවු දඩ ආදායමක් ලබා ගැනීමට හැකිවී තිබිණ..
බීඩි කර්මාන්තය වසර ගණනාවක් නියාමනය නොවු කර්මාන්තකයක් බැවින් බදු දැලට හසු කර ගැනීමට යම් කාලයක් ගතවු අතර මේ වනවිට බීඩි කර්මාන්ත කරුවන්ගෙන් රුපියල් මිලියන 180 ඉක්මවු බදු ආදායමක් ලබා ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වීඇත.
බලපත්ර ලත් හෝටල් ආපනශාලා , කැරෝකී ආපනශාලා හා රටබීම හල් 180 පමණ තිබෙන බැවින් අදල ස්ථාන වල සිදු කරන වැරදි සදහා කාර්මික අපරාධ වර්තා ඉදිරිපත් කොට අදාල බලපත්ර ලාභිින් සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා වෙත හා සහකාර සුරාබදු කොමසාරිස් වරයා වෙත ඉදිරිපත් කොට සමථ ගාස්තු අයකර ගැනීමට පියවර ගෙන ඇත.
සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ පේමරත්න මහතාගේ උපදෙස් මත, වයඹ සහකාර සුරාබදු කොමසාරිස් නාලක මලවි පතිරණ මහතාාගේ , අධීක්ෂණය යටතේ වයඹ සුරාබදු අධිකාරී අරුණ සෝමරත්න මහතාගේ යටතේ මෙහෙයවීමෙන් , කුරුණෑගල සුරාබදු ස්ථානාධිපති ප්රධාන සුරාබදු පරික්ෂක නලින්ද ප්රසන්න මහතා ඇතුලු මහව , කුලියාපිටිය හා කුරුණෑගල සුරාබදු ස්ථානවල නිලධාරින්ගේ සහාය ඇතිව මෙම වැටලීම් සිදු කළහ.
වීඩියෝව නරඹන්න,
