නිමල් රාජපක්ෂ-
දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් පැය 48 ක වර්ජනයක නිරත වී දුම්රිය ප්රවේශපත්ර නිකුත් නොකිරිම හේතුවෙන් දුම්රිය දෙපාර්තුමේන්තුවට රුපියල් මිලියන 12 ප්රවේශපත්ර ආදායමක් අහිමි වි ඇතැයි සමස්ත ලංකා දුම්රිය පොදු සේවක සංගමයේ ප්රධාන ලේකම් එම්.පී විතාන ගේ මහතා පවසයි.
නමුත් දුම්රිය ස්ථානාධිපතිවරුන් දුම්රිය වර්ජනයට පෙළඹවු නායකයින් පිළිබදව සොයා බලා කුමන ආකාරයේ ක්රියාමාර්ගයක් ගන්නේද යන්න සොයා බැලිය යුතු බවද විතානගේ මහතා වැඩි දුරටත් පැවසුවේය.
දුම්රිය වර්ජනය පැවැතියද ඊයේ (17 ) දිනයේ දුම්රිය ගමන් වාර සියයට අසුවක් පමණ එනම් දුම්රිය ගමන්වාර 200 කට ආසන්න ධාවනය කල බවද පැවසුවේය.
මෙම නිසා කොටසක් දුම්රිය වර්ජනයක නිරත වුවද මගී ජනතාව අපසු තාවයට පත් නොවන ආකාරයට දුම්රිය ධාවනය සිදු කිරිමට පියවර ගත් බවද එ මහතා වැඩි දුරටත් කීවේය.
