රට තුළ නීතියෙ ආධිපත්‍ය මේ වනවිට නිසියාකාරව ක්‍රියාත්මක වන බව ජාතික ජන බලවේගය පක්ෂයේ ජාතික විධායක සභික නලීන් හේවගේ මහතා ගාල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකදී පැවසීය.
නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට කිසිදු බලපෑමකින් තොරව නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබාදී තිබේ.
රාජ්‍ය නිලධාරීන්ට ද කිසිදු බලපෑමකින් තොරව රාජකාරි කටයුතු කිරීමට හැකි පරිසරය නිර්මාණය වී ඇතිබව පැවසීය.
මේ අතර නවතා දමා තිබූ වියාපෘති රැසක් මේ වනවිට ආරම්භ කර තිබේ.
ඒ අතර නතර වී තිබූ ජපන් වියාපෘති 11ක් ඇතිබව පැවසීය.
විවිධ හේතුමත වගා කිරීමට නොහැකි වී තිබූ ඉඩම් වගා කිරීමට ගොවීන්ට ලබාදී තිබේ.
ගොවීන්ට ,ධීවරයින්ට සහ විශ්‍රාමිකයන්ට දීමනා සහ සහනාධාර ලබාදීම රජය මේවනවිටත් ආරම්භ කර ඇතිබව පැවසීය.