Spread the love

මාතර -නුවන්

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව සභාපතිවරයා ලෙස හිටපු සභාපති රන්සිරි පෙරේරා මහතා වැඩි ඡන්දයෙන් තේරීපත් විය.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 2026/2027 වර්ෂ සඳහා වන නිලවරණය සහ වාර්ෂික මහා සභා රැස්වීම ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික මූලස්ථානයේදී ඉකුත් (23) වැනිදා පැවැත්වුණ අතර එහිදි පැවැති නිලවරණයේ දී නව පත්කිරීම් සිදු කෙරිණි.
මෙහිදී විධායක කමිටු සභාපතිවරයා ලෙස කමලනාත් ජිනදාස මහතා ද වැඩි ඡන්දයෙන් තේරී පත්විය.
ලේකම්වරයා ලෙස සුජීව ජයවර්ධන මහතා නිතරගයෙන් තේරී පත් වූ අතර, භාණ්ඩාගාරිකවරයා ලෙස හිටපු භාණ්ඩාගාරික දිනේෂ් නිරෝෂණ මානවඩු මහතා සභාවේ ඒකමතික අනුමැතියෙන් තේරී පත්විය.

නව නිලධාරි මණ්ඩලය පහතින් දැක්වෙයි:

සභාපති රන්සිරි පෙරේරා මහතා
උප සභාපතිවරු ලෙස එම්. ජේ. සාදික් අමීන් ,පී. එස්. ගවුතමදාස ,මල්ලිකා ගුණරත්න, ලලිත් සිරිමෙවන් කුලතුංග යන අය තේරී පත්විය
ලේකම් වරයා ලෙස සුජීව ජයවර්ධන , භාණ්ඩාගාරික ලෙස දිනේෂ නිරොෂණ මානවඩු ,විධායක කමිටු සභාපති ලෙස කමලනාත් ජිනදාස යන මහත්වරු තේරි පත්විය.

විධායක කමිටු සාමාජිකයින් ලෙස පී. ඒ. ඩී. රංජිත් චන්ද්‍රසිරි ,බී. එච්. ඕ. සරත් බණ්ඩාර , ඊ. කේ. දිළුම් දුමින්ද , එච්. එල්. කපිල ප්‍රියන්ත , කේ. ඇන්ටන් සෙත් පෙරේරා , එම්. කේ. ඩී. මනෝජ් සිල්වා ,කේ. එච්. කුමාරසිංහ සහෝදරතුමා,ජේ. ඒ. පුලස්ති බුද්ධික ජයතුංග , දුමින්ද සම්පත් සෙනෙවිරත්න , අබ්දුල් මවාහිබ් , ආචාර්ය උපුල් මානෙල් රණසිංහ, එස්. එච්. ගුණපාල ,
එන්. සුමනසිරි සරත් කුමාරසිංහ යන මහත්වරු පත්වුහ.