ඉතිහාසයේ කිසිඳු දිනක මේ ආකාරයෙන් වැරදි ලෙස සිරකරුවන් නිදහස් කිරීමේ සිදුවීම් වාර්තා වී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.
සිරකරුවන් නිදහස් කිරීමේදී අනුගමනය කරන ක්‍රමවේදයක් ඇති බවත්, එහිදී වැරදි සිදුවීමේ හැකියාවක් නොමැති බවයි අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ආණ්ඩුවේ තිබෙන උද්දච්චකම හා තමන් වැඩ දන්නා බවට සිතා සිටින වැඩ බැරි ටාසන්ලා පිරිසක් සමඟ ආණ්ඩුව කරගෙන යාමට සිදුව ඇති බව ඇති බවද ඔහු ප්‍රකාශ කලේය.
මෙම සිදුවීමට හේතුව වන්නේ ආණ්ඩුවේ නොසැලකිලිමත්භාවය බවත්, රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළ පරිදි මොවුන් ‘L බෝඩ්කරුවන්’ බවත්, වැඩක් කරන අයෙකුට මේවා මෙලෙස විසඳීමේ අවශ්‍යතාවක් නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වැඩිදුරටත් සඳහන් කළේ.
