Spread the love

විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාවලිය සම්බන්ධයෙන් පළාත් මට්ටමින් මහජන අදහස් විමසීමේ දෙවන අදියර අද (27) සිට ආරම්භ විය.

එහි පළමු අදියර ඉකුත් 23 වැනිදා සබරගමු පළාත කේන්ද්‍ර කර ගනිමින්, රත්නපුර දිස්ත්‍රික්කයේදී පැවැත්වූ අතර, එහි දෙවන අදියර අද සිට ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කය සහ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.

වාචික අදහස් දැක්වීමේ සැසි 09 අවසන් වූ පසු, ඉදිරියට ක්‍රියාත්මක වන විදුලි ගාස්තු සහ ඊට අදාළ කොන්දේසි සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව ජුනි 06 වැනිදා ප්‍රකාශයට පත් කරන බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (ආයතනික සන්නිවේදන) ජයනාත් හේරත් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.