නිමල් රාජපක්ෂ-
නිති විරෝධී ලෙස විදේශීය මත්පැන් ජාවාරමේ යෙදුණ චීන ජාතිකයින් දෙදෙනකු ඇතුලු හතර දෙනෙකු බම්බලපිටිය ප්‍රදේශයෙන් වටලා රුපියල් අට ලක්ෂයක් වටිනා බියර් තොගයක් දීපව්‍යාප්ත සුරාබදු මෙහෙයුම් ඒකකයේ නිලධාරින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ජාවාරම් කරුවන් විදෙස් මත්පැන් සීමාව ඉක්මවා ළග තබා ගැනීම හා වැඩි මිලට බලපත්‍ර නොමැතිව මත්පැන් අලෙවි කීරිීම යන චෝදනා යටතේ කොටුකර ගෙන තිබේ.
සැකකරුවන් කොළඹ ප්‍රදේශයේ හෝටල් කාමර රුපියල් එක්ලක්ෂ පනස්දහස හා එක්ලක්ෂ හැත්තෑ පන්දහස යන මිලගනන් වලට මිලදි ගෙන මෙසේ මත්පැන් ජාවාරම සිදු කරන බවට ප්‍රශ්න කිරිමේදි සුරාබදු නිලධාරින් ඉදිරියේ පාපොච්ජාරණය කර තිබේ.
මේ හේතුවෙන් රජයට විශාල බදු ආදායමක් අහිමි වන බවත් චීනයේ සිට මෙරටට පැමිණ අවසර නැතිව මෙවැනි ජාවාරම් සිදු කරනබැවින් නොරතුරුක් වෙතොත් සුරාබදු දෙපාර්තුමේන්තුව දැනුවක් කරන ලෙසන් නිලධාරීන් ඉ ල්ලා සිටී
අත්අඩංගුවට ගත් සැකකුරුවන් ඉදිරියේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සුරාබදු කොමසාරිස් ජනරාල්එම්.බී.එන් .ඒ. පේමරත්න උපදෙස් මත, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් තිස්ස කුමාර රාජපක්ෂ මහතාගේ අධික්ෂණයෙන් , දීපව්‍යාප්ත සුරාබදු මෙහෙයුම් ඒකකයේ සුරාබදු අධිකාරී පී.එන්. හේමන්ත මහතාගේ මෙහෙයවීමෙන් ,දීප ව්‍යාප්ත දීපව්‍යාප්ත සුරාබදු මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක නිල් ඒකනායක ,සුරාබදු පරීක්ෂක ධම්මික හතුරුසිංහ , සුරාබදු කෝප්‍රල්වරුන්වන 1158 ජීවන්ත, 1176 චානුක, 1189 ගිහාන්, සුරාබදු රියදුරු පුබුදු යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
