නිමල් රාජපක්ෂ
මහවැලි ගගෙහි ඉහළ ධාරා ප්‍රදේශ වලට ඉදිරියේදි වර්ෂාපතනය තවත් ලැබිය හැකි බව ට වන පුරෝකථන හා කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවර කර ඇති නිසා මහවැලි ගග ද්‍රෝණියේ උඩුනුවර , උඩපලාත, යටිනුවර ,දොලුව ,ගඟ ඉහළ කෝරළය සහ හාරස්පත්තුව යන ප්‍රාදේශීය ලේකම කොට්ඨාශවලට අයත් මහවැලි ගඟ ආශ්රිත පහත් බිම් ප්‍රදේශ වලට මෙතැන් පටන් සිට ඉදිරි පැය 24 කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග අධ්යක්ෂ (ජලවිද්‍යා හා ආපදා කළමණාකරන ) ඉංජිනේරු එල්.එස් සුරියබණ්ඩාර මහතා පවසයි.
එසේම එම ප්‍රදේශවල මහවැලි ගගට ආසන්නව පහත් බිම් ආශ්‍රිතව පදිංචි මහජනතාවගෙන් එ සම්බන්ධව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් , ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂාවීමට කටයුතු කරන ලෙසත්ඉල්ලා සිටිනු ලැබේ.
මේ සම්බන්ධව අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළඹණාකරන අංශවලින් ඉල්පා සිටිනු ලැබේ.
ඉදිරියේදී වැසි ලැබීම අපේක්ෂා කරන බැවින් මේ පිළිබදව ඉකා අවධානයෙන් කටයුතු කරන ලෙස ඉතා ඹනෑකමින් මහජනතාවගෙන් ඉල්ලා සිටි
