Spread the love

දේවින්ද පිණිදිය

ශ්‍රී ලංකා නාවික හමුදාව, කොළඹ වරාය පොලීසිය හා එක්ව කොළඹ වරාය තුළ ඊයේ (16) සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස අළෙවි කිරීමට උත්සාහ කල විදේශීය දුම්වැටි දෙදහසක (2000) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය, කොළඹ වරාය පොලීසිය හා එක්ව, කොළඹ වරාය තුල සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, දියත් කොට තිබිණ.

තවද, මෙම ඒකාබද්ධ මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 47 වන පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු සහ විදේශීය දුම්වැටි තොගය ඉදිරි නීතමය කටයුතු සඳහා කොළඹ වරාය පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.