නිමල් රාජපක්ෂ-
ශ්රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව අම්බලන්තොට ප්රදේශයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස අළෙවි කිරීමට උත්සාහ කල විදේශීය දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු, නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
දකුණු නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනය හම්බන්තොට වරාය පොලීසිය හා එක්ව, සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු පුද්ගලයෙකු (01) පරීක්ෂාවට ලක්කෙරිණි. එහිදී, නීතී විරෝධී ලෙස අළෙවි කිරීමට උත්සාහ කල විදේශීය දුම්වැටි එක්දහස් හතලිස් දෙකක් (1,042) සමඟ එම සැකකරු (01) මෙලෙස නීතියේ රැහැනට හසුකර ගනු ලැබීය.
තවද, මෙම ඒකාබද්ධ මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22ක් වන අම්බලන්තොට ප්රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු සහ විදේශීය දුම්වැටි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා හම්බන්තොට වරාය පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
