Spread the love

නිමල් රාජපක්ෂ

ගංවතුරෙන් විපතටපත් ජනතාවගේ සෙෘඛ්‍ය තත්වය නගාසිවීමේ අරමුනින් (09) වන දින වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශීක්ෂණ රෝහල හා වැලිවිට ශාන්ත මරියා දේවස්ථානය එක්ව වැලිවිට ප්‍රදේශයේ වැඩිහිටියන් සහ කුඩා දරුවන් සදහා වෛද්‍ය සායනයන් පවත්වන ලදි.

ඒ සදහා වැඩිහිටියන් හා කුඩා දරැවන් 250 ක් පමන පිරිසක් සායනය සදහා සහභාගිවිය. ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයන් හට එම ස්ථානයේදීම අවශ්‍ය ප්‍රතිකාර නොමිලයේ ලබා දීමද එහිදී සිදුවිය.