Spread the love

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීම සඳහා වන ප්‍රවේශ අත්පොත අද (02) නිකුත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

එසේම විශ්ව විද්‍යාල සඳහා Online ක්‍රමය ඔස්සේ ලියාපදිංචිය ලබන සතියේ ආරම්භ කිරීමට නියමිත බවයි එම කොමිසම සඳහන් කළේ.

මෙවර විශ්ව විද්‍යාල උපාධි පාඨමාලා සඳහා සිසුන් 43,300ක් ඇතුළත් කර ගැනීමට සැලසුම් කර ඇති බවද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කලේය.