නිමල් රාජපක්ෂ-
‘විෂන්’ වැඩසටහනට වසර දෙකක් සැපිරීම සනිටුහන් කරමින් පින්නවල මධ්‍ය මහා විද්‍යාලයේ සහ මාතලේ සිරි සීවලි විද්‍යාලයේ සිසුසිසුවියන්හට ජනාධිපති ලේකම් කාර්යාලය නැරඹීමට අද (24) අවස්ථාව උදාවිය.
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය එක්ව පාසල් ළමුන් උදෙසා ‘විෂන්’ වැඩසටහන ආරම්භ කර තිබේ.
ජනාධිපති කාර්යාලයීය පැරැණි පාර්ලිමේන්තුව නැරඹීමෙන් පසු පාර්ලිමේන්තු ඉතිහාසය පිළිබඳ සිසුසිසුවියන් දැනුම්වත් කිරීමද සිදු කෙරිණි.
ජනාධිපති අරමුදලේ කාර්යභාරය සහ එමඟින් පාසල් ළමුන්ට ඇති වැදගත්කමද මෙහිදී ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා විසින් පෙන්වා දෙන ලදී.
විෂන්” වැඩසටහනේ දෙවසරක ගමන් මඟ සහ එහි සුවිශේෂී ක්‍රියාකාරකම් ඇතුළත් කරමින් සකස් කළ “විෂන්” සමරු ග්‍රන්ථය ද මෙහිදී සහභාගී වූ පාසල් වෙත පිළිගන්වන ලදී.
මෙම වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණයේ වැදගත්කම තහවුරු කරමින් සංකේතාත්මක තිළිණයක් ලෙස පාසල් වෙත වටිනා පැළ ලබාදීමද සිදුවිය.
මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ මහතා, ත්‍රිවිධ හමුදා ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණ ඒකකයේ අධ්‍යක්ෂක, සහකාර අධ්‍යක්ෂක, පින්නවල මධ්‍ය මහා විද්‍යාලයේ සහ මාතලේ සිරි සීවලි විද්‍යාලයන්හි විදුහල්පතිවරු, ආචාර්ය මණ්ඩලය, සිසු සිසුවියෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
