Spread the love


නිමල් රාජපක්ෂ-

විසිතුරු මත්ස්‍ය අපනයනයෙන් රු. මිලියන 2632ක අදායමක්

වසර හතරකදී විසිතුරු මත්ස්‍ය අපනයනයෙන් ශ්‍රි ලංකාව ඇ.ඩෝ.මි 8.52ක් රු.(මිලියන 2632) උපයා තිබෙන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

මෙම කර්මාන්තය නගා සිටුවීම සදහා මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ආරක්ෂා කිරීම සදහා වගාකරුවන් සදහා අවශ්‍ය විසිතුරු මත්ස්‍ය මව් මසුන් හා අනෙකුත් වර්ධක අවස්ථා ශ්‍රී ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය සතු මධ්‍යස්ථාන වෙතින් ලබා දීම.
කර්මාන්ත කරුවන් සදහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීම, දේශීය විසිතුරු මත්ස්‍ය කර්මාන්තය ප්‍රවර්ධනය සදහා අධ්‍යාපනික හා වෙළද ප්‍රදර්ශන පැවැත්වීම, දේශීය වගා කරුවන් සදහා අවශ්‍ය ජීවි, මත්ස්‍ය ආහාර නිෂ්පාදනයකර ඔවුන්වෙත ලබාදීම සිදු කළ බවද පැවසුවේය.

. පාසල් ළමුන් අතර විසිතුරු මත්ස්‍ය කර්මාන්තය ප්‍රවර්ධනය සදහා පාසල් විසිතුරු මත්ස්‍ය සංගම් ස්ථාපිත කිරීම. වාර්ෂිකව බලපත්‍ර ලබාදීම තුළින් කර්මාන්තය නියාමනය කිරීම, අන්තරාදායක මසුන් ආනයනය වීම වැළැක්වීම සදහා කටයුතු කිරීම, අපනයනය කිරීම සදහා ප්‍රවනතාවක් ඇති දේශීය මසුන් අභිජනනය සදහා කටයුතු කිරීම.
දිස්ත්‍රික් මට්ටමින් විසිතුරු මත්ස්‍ය සංගම් ස්ථාපිත කර ඇති අතර, එමගින් ඔවුන්ට අවශ්‍ය වෙළදපොළ සම්බන්ධීකරණය හා තාක්ෂණික උපදෙස් ලබා දීම වැනි වැඩ පිළිවෙලවල් ක්‍රියාත්මක කරන බවත් වැඩිදුරටත් ඇමතිවරයා පැවසුවේය.