පොළොන්නරුව කදුරුවෙල මාර්ගයේ වෙළඳ සංකීර්ණයේ ඇති වෙළද සැලක ඊයේ(07) පස්වරුවේ ගින්නක් හට ගෙන තිබිණ.
ගිනි නිවීමේ හමුදාවේ පොළොන්නරුව එකකය විසින් මේ වන විට ගිනි නිවීමේ රථ 3ක් ගින්න මැඩ පැවැත්වීම සඳහා යොදවා තිබිණ.
හමුදාව, පොලීසිය සහ ගුවන් හමුදාව එක්ව ගින්න පැතිරීම වැළැක්වීම සඳහා දැඩි උත්සාහ නිරත වු බව පොලිීසිය පවසයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
මේ හේතුවෙන් මඩකලපුව -පොලොන්නරුව මාර්ගයේ කොටසක් වසා දැමීමට පියවර ගෙන ඇති නමුත් ගමනාගමනය සඳහා බාධාවක් නොමැතිවු බවත් පොලීසිය වැඩි දුරටත් පැවසුවේය