චෙන්නායි සිට පැමිණි ගුවන් මගියකුගේ කලිසම් සාක්කුවේ දමාගෙන පැමිණි රුපියල් කෝටි තුනක පමණ වටිනාකමකින් යුත් රන් බිස්කට් තොගයක් කටුනායක ගුවන්තොටුපොළ සංක්‍රමණික මගී පර්යන්තයේ දී ඊයේ (7) පස්වරුවේ ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
29 හැවිරිදි පුද්ගලයෙකු වන මෙම ඉන්දීය ජාතිකයා ව්‍යාපාරික ගුවන් මගියෙකු ලෙස ඉකුත් 06 වනදා චෙන්නායි සිට පැමිණ තිබේ. ඹහුගේ බෑගයක කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 158ක් බරැති රන් බිස්කට් 09ක් සහ තවත් රන් බිස්කට් කැබළි 03ක් සඟවා ගෙන තිබු බවද නිලධාරීන් පවසයි.
