Spread the love


නිමල් රාජපක්ෂ

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස්, ඩෙවිඩ් පයින් (David Pine) මහතා නිල හමුවක් සඳහා අද ( 12) දකුණු නාවික විධාන මූලස්ථානයේදී, එම විධානයේ ආඥාපති ජාතික ජල ශාස්ත්‍රඥ හා නාවික හමුදා ජල ශාස්ත්‍රීය ප්‍රධානී, රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය හමුවිය.
මෙම නිල හමුවේදී, ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් සහ දකුණු නාවික විධානයේ ආඥාපති අතර ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද සාකච්ඡාවක් පැවැත්විණි.
තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.