නිමල් රාජපක්ෂ
රාජගිරිය මංසන්දියේ දෛනිකව පවත්නා අධික රථවාහන තදබදය අවම කිරීමට සැළසුම් කරන ලද නාවල පාළමේ ඉදිකිරීම් කටයුතුවල ප්රගතිය සොයාබැලීමේ නිරීක්ෂණ චාරිකාවක ප්රවාහන හා මහාමාර්ග නියෝජ්ය අමාත්ය වෛද්ය ප්රසන්න ගුණසේන මහතා අද දින නිරත විය.
කොළොන්නාව ඇළ මාර්ගය හරහා ද්විත්ව මංතීරු සහිතව ඉදිකරන මෙම නව පාළමේ දිග මීටර් 600 කි. පළල මීටර් 10 කි. ශ්රී ලංකා රජයේ දේශීය මූල්ය ප්රතිපාදන යටතේ ඉදිකෙරෙන මෙහි ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 2,598 කි.
ඇතුල්කෝට්ටේ – අංගම්පිටිය සහ රාජගිරිය – නාවල පාසල් මාවත නව පාළම මගින් සම්බන්ධ කෙරේ.

ප්රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්යංශයේ මූලිකත්වයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉදිකිරීම් අංශයේ සේවා දායකත්වයෙන් ක්රියාත්මක මෙම පාළම් ව්යාපෘතියේ සංවර්ධන කටයුතු මේ වනවිට 94% කින් පමණ අවසන් කර ඇත. මීට සමගාමීව කෝට්ටේ අංගම්පිටය, නාවල පාසල් මාවත ඇතුළ ප්රවේශ මාර්ග ද සංවර්ධන කෙරේ.
මෙම නිරීක්ෂණයට එක්වූ නියෝජ්ය අමාත්යවරයා, ; පසුගිය රජය සමයේ ඇතිවූ ආර්ථික අර්බුදයන් සමග නතර කර තිබූ මෙම පාළමේ සංවර්ධන කටයුතු දැන්
අරඹා තිබෙනවා. සංවර්ධන කටයුතු සඳහා අවශ්ය මුදල් රජය සතුව පවතිනවා. තනි ආයතනයක් විදියට, මහාමාර්ග සංවර්ධනයට විශාල මූල්ය ප්රතිපාදනයක් වෙන් වී තිබෙනවා. නාස්තිය, දූෂණය අවම කරමින් රජය ආර්ථික දර්ශකවලට ළඟාවෙමින් පසු වෙනවා.
ජාතික ප්රසම්පාදන කාර්යයන් විනිවිද භාවයෙන් යුතුව සිදු කරමින් රජය රටේ ආර්ථික සංවර්ධනයට කැපවී සිටිනවා. පසුගිය වසරට සාපේක්ෂව වියදම් අඩු කරන අතරම, ආදායම් මාර්ග වර්ධනය කිරීමට කටයුතු කර තිබෙනවා.. විදේශ ප්රේෂණ, සෘජු විදේශ ආයෝජන, රාජ්ය ආදායම වර්ධනයට අවශ්ය පසුබිම සකස් සකස් කරමින් ඉලක්ක වෙත ගමන් කිරීමට රජය සමත් වී තිබෙනවා.
ජාතික ජන බලවේග ආණ්ඩුවේ ගමන ආර්ථික,, සමාජයීය සහ දේශපාලනික පරිවර්තනයන් සිදුකරමින් යන ජනතාවාදී ගමනක්.”
ශ්රීලංගම පෞද්ගලික බස් රථ සහ දුම්රිය සේවාව කාර්යක්ෂම කිරීමට අවශ්ය පියවර රජය විසින් ගනු ලබන බවත් එහිදී රජයේ ඉලක්කයන් වෙත යාමට අවශ්ය විසඳුම් පරිපාලනමය වශයෙන් ගැනීමට සිදුවන බවත් නියෝජ්ය අමාත්යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට මාර්ග සංවර්ධන අධිකාරියේ සහ රාජ්ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ නිලධාරීහු රැසක් එක්ව සිටියහ.
