නිමල් රාජපක්ෂ
සමු පකාර ව්‍යාපාරය වෙළෙඳපොළ තුළ සක්‍රීයව ක්‍රියාත්මක වන ශක්තිමත් ජාලයක් ලෙස වැඩිදියුණු කළ යුතුයි
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ 2027 පූර්ව අයවැය සාකච්ඡාවේදී ජනපති අවධාරණය කරයි
ලංකාව වැනි කුඩා වෙළෙඳපොළක් තුළ භාණ්ඩ සහ සේවාවන්හි පාලනය හුදු තරගකාරීත්වයක් මත පමණක් සිදු වේ යැයි අපේක්ෂා කළ නොහැකි බවත්, ඒ සඳහා රජය සතුව ශක්තිමත් මිල පාලන යාන්ත්‍රණයක් තිබිය යුතු බවත්, ඒ වෙනුවෙන් ලංකා සතොස සහ සමුපකාර ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කර එය ප්‍රධාන කොටස්කරුවෙකු ලෙස යොදාගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන
අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 පූර්ව අයවැය සාකච්ඡාවකට අද (14) ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.
අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු, ස්වයං-මූල්‍යකරණය මගින් පවත්වාගෙන යනු ලබන ආයතන සහ මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ පවත්වාගෙන යන ආයතන 16ක් යටතේ මෙරට ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ පාරිභෝගික අයිතීන් සුරැකීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වල කාර්යසාධනය මෙහිදී පුළුල් ලෙස විමසා බැලිණි.
ගොවීන්ගේ වී සහ ධාන්‍ය වේලා ගැනීම සඳහා සහනදායී පදනමක් මත වියළන යන්ත්‍ර ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර මේ වන විට යන්ත්‍ර 45ක් ගෙන්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බවත් අයදුම් කළ ආයතන 65ක් අතුරින් තෝරාගත් ආයතන 45කට එම යන්ත්‍ර ලබා දීමට කටයුතු කරන බවත් සඳහන් කෙරිණි.
දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි තොග බෙදා හැරීමේ මධ්‍යස්ථාන 9ක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර කුරුණෑගල සහ මාතර මධ්‍යස්ථානවල ඉදිකිරීම් දැනටමත් අවසන් කර තිබෙන බව සඳහන් කෙරිණි.
2026 අයවැය ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 1000ක වියදමින් ක්‍රියාත්මක ග්‍රාමීය මට්ටමින් සහල් සැකසුම් මධ්‍යස්ථාන ඉදිකිරීමේ ව්‍යාපෘතිය, නුවරඑළිය ආර්තාපල් මිලදී ගැනීමේ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් සහ මොනරාගල මාංශ බෝග සැකසුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම්වල ප්‍රගතිය විමසා බැලූ ජනාධිපතිවරයා ලොකු ළුෑණු සහ බඩඉරිඟු ගොවීන් වෙනුවෙන්ද නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.
එසේම, අමාත්‍යාංශය යටතේ යටතේ ඇති දෙපාර්තමේන්තු සහ ආයතනවල කාර්යභාරය මෙහිදී වෙන් වෙන්ව විමසා බැලුණු අතර ආයතනික මට්ටමින් මතුව ඇති ගැටලු සහ ඒවා විසඳා ගැනීමට ගත යුතු පියවර පිළිබඳවද සාකච්ඡා විය.
