Spread the love


නිමල් රාජපක්ෂ-

දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයක නිරත වුවත් කාර්යාල බලා පැමිණි මගින්ගේ ගමන් පහසුව සදහා සවසට දුම්රිය ගමන්වාර 35 ක් පමණ ධාවනයට එක් කරන බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්තගේ මහතා පවසයි.


දුම්රිය රියදුරු නියාමක මහත්වරු සිය රාජකාරිවල නිරතවි සිටින බැවින් කොළඹට පැමිණි මගීන්හට සිය නිවෙස් බලා ගමන් කිරිමට හැකි උපරිමයෙන් දුම්රිය ධාවනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද පොල්වත්තගේ මහතා වැඩි දුරටත් පැවසුවේය.