නිමල් රාජපක්ෂ
ශ්රී ලංකාවේ ස්මාර්ට් බලශක්තියේ නව යුගයක් උදා කිරීමේ අරමුණින් සිජිනර්ජි (Sigenergy) සමාගම මෙරට සිය සන්නාමය නිල වශයෙන් හඳුන්වා දෙයි.
2026 ඔක්තෝබර් 13 වැනි දින කොළඹදී පැවැති මෙම හඳුන්වාදීමේ උත්සවය, “ශ්රී ලංකාවේ ස්මාර්ට් බලශක්තියේ නව යුගයක් බලගැන්වීම” යන තේමාව යටතේ පැවැත්විණි. එය සමාගමේ කලාපීය ව්යාප්තියේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, ශ්රී ලංකාවේ පිරිසිදු බලශක්ති පරිවර්තනය ඉදිරියට ගෙන යාම සඳහා සමාගම දක්වන කැපවීම ද පිළිබිඹු කරයි.
මෙම අවස්ථාවට සම්භාවනීය ආරාධිතයන්, කර්මාන්ත ක්ෂේත්රයේ ප්රමුඛයන්, ව්යාපාරික හවුල්කරුවන් සහ පාරිභෝගිකයන් එක්ව සිටියේ ස්මාර්ට් බලශක්ති තාක්ෂණයේ නවතම නවෝත්පාදන පිළිබඳව සොයා බැලීම සඳහාය.
මෙහිදී ශ්රී ලංකා සුනිත්ය බලශක්ති අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් රෝහණ රඹෝදගේ මහතා ද සහභාගි වූ අතර, ඔහු ආරම්භක දේශනය පැවැත්වීය. පිරිසිදු බලශක්ති අනාගතයක් කරා යන ගමනට සහාය වීම සඳහා තිරසාර බලශක්ති සංවර්ධනයේ සහ කර්මාන්ත ක්ෂේත්රයේ සහයෝගීතාවයේ වැදගත්කම ඔහු එහිදී අවධාරණය කළේය.
