නිමල් රාජපක්ෂ
: ඊයේ දින උදෑසන පිලි පැනීමකට ලක්වූ සාගරිකා දුම්රිය අද දින යලි පිලිගත කිරීමේ කටයුතු අවසන් කොට නැවත කොළඹ බලා ධාවනය කිරීමට කටයුතු කොට තිබුණී.
එම පිලිපැනීමකට ලක්වූ සාගරිකා දුම්රිය කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානය ආසන්නයේ අද සවස 06.20 ට පමණ පිලි පැනීමකට ලක්ව ඇත.
මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ එක් මාර්ගයක් යලිත් මේ වන විට අවහිරවී ඇත. ඒ අනුව කොළඹ කොටුව හා වැල්ලවත්ත අතර එක් මාර්ගයක පමණක් දුම්රිය ධාවන කටයුතු මේ වන විට සිදු කෙරේ
