Spread the love

නිමල් රාජපක්ෂ 

සාගරිකා සිඝ්‍රගාමී දුම්රිය හෙට(27) දිනයේ සුපුරුදු පරිදි බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනයට එක් කරන බව අතිරේත දුම්රිය සාමාන්‍යාධිකාරි මෙහෙයුම් බන්ඩාර චන්ද්‍රෙස්න මහතා පවසයි.

පසුගිය 24 වැනිදා සාගරිකා සීඝ්‍රගාමි දුම්රිය වාද්දුව දුම්රිය ස්ථානය ආසන්නයේදි පීලි පැනීමකට ලක්වී විශාල අලාභ හානියක් දුම්රිය මාර්ගයට සිදු වුවද දුම්රිය කාර්යමණ්ඩලයේ දැඩි කැපවීම මත මුහුදුබඩ දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කරමින් දුම්රිය ධාවනය කිරීමට පියවර ගෙන තිබිණ,

එම දුම්රිය කොළඹට රැගෙන ඒමේදි කොම්පඤ්ඤවිදිය දුම්රිය ස්ථානයේදි යළි පිලි පැනීමකට ලක්වුවද ඒ සියළු කටයුතු යථාවත් කරමින් දකුණේ ජනතාවට හෙට දිනයේ කාර්යාල බලා ගමන් කිරීමට දුම්රිය බලධාරීන් සිය සේවාවන් සුපුරුදු පරිදි ලබා දීමට පියවර ගෙන ඇත.

ඒ අනුව හෙට දිනයේ බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට සාගරිකා සීඝ්‍රගාමි දුම්රිය සුපුරුදු පරිදි මරදාන බලා ධාවනය ට එක් කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.