සිරි දළදා වන්දනාව’ හේතුවෙන් නිවාඩු ලබාදුන් මහනුවර නගරයේ සහ ඒ අවට පාසල් 24ක් එළැඹෙන සඳුදා (28) සිට යළි ආරම්භ කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයා පවසයි.
එමෙන්ම පොලීසිය සහ ආරක්ෂක හමුදා නිලධාරීන් සඳහා පහසුකම් සපයන තවත් පාසල් 37ක් අඟහරුවාදා (අප්‍රේල් 29) නැවත විවෘත කිරීමට නියමිත බවත් ලේකම්වරයා පවසා තිබේ.
