Spread the love

අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ප්‍රශ්න කිරීම හේතුවෙන් කථානායක අශෝක රංවල සිය ධූරයෙන් ඉල්ලා අස්වීම ප්‍රශංසනීය කාරණයක් බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

එසේම, පාරදෘශ්‍යභාවය පවත්වාගෙන යාමේ මාලිමාවේ ප්‍රතිපත්තිවල‍ට අනුකූලව, තම සුදුසුකම් ඔප්පු කිරීමට අපොහොසත් වන ආණ්ඩුවේ අනෙකුත් මන්ත්‍රීවරුන්ද වහාම ඉල්ලා අස්විය යුතු බවයි ඔහු X සටහනක් තබමින් පවසා සිටින්නේ.

පිරිසුදු පාර්ලිමේන්තුවක් පිළිබඳව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට දැක්මක් ඇති නමුත්, මාලිමාවේ ඇතැම් මන්ත්‍රීවරුන් තම සුදුසුකම් පිළිබඳව ජනතාව නොමග යැවීම කනගාටුදායක බවයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.