Spread the love

අද( 17) අඟහරුවාදා දින පෙ.ව 08.30 ට ආරම්භවන අ.පො.ස (සාපෙළ) විභාගය පෙබරවාරි මස 26 වන බ්‍රහස්පතින්දා දිනයෙන් අවසන් වේ.

විභාගය සඳහා සුදානම් වී සිටින ඔබ විභාගයට පිටත්ව යා යුත්තේ සුබ හෝරාවකිනි. එනිසා ඔබ උසස් සිතිවිලි ඇතිව තීක්ෂණ බුද්ධියෙන්, චිත්ත ධෛර්යය ඇතිව විභාගයට යායුතුය.

විභාගයට යන ඔබ කවුරුත් ඉන් සමත්වන්නට මිස අසමත්වන්නට නොයයි. විභාගයේ ජය ලබන්නට ඔබ විසින් කල නොපසුබට උත්සාහය, කැපකිරිම්, තැනට සුදුසු නුවණ විභාගයේ ප්‍රතිපල තීරණය කරයි.

එනිසා ඔබට විභාගය සඳහා සුබ හෝරාවකින් පිටත්ව යන්නට හැකියාවක් වේ නම් එය තවදුරත් සනාත කරදෙනු ඇත. ඔබ නිවසින් පිටව යන මොහොතේ ඔබ අදහන ආගම සිහිපත්කර ආශිර්වාද ලබාගෙන පහත සඳහන් ගාථාව කියමින් දකුණු පය පෙරට තබා පිටත්ව යන්න.