නිමල් රාජපක්ෂ
දුම්රිය මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරී ලෙස සේවය කළ සුසිල් ප්‍රේමලාල් මහතා පසුගිය 14 දින දුම්රිය ආරක්ෂක සේවයේ මුලස්ථාන පරික්ෂක හැටියට උසස්වීම් ලද සිය ධුරයේ වැඩ බාරගත්හ.
1988 වසරේ දුම්රිය ආරක්ෂක හමුදාවේ ආරක්ෂක නිලධාරියකු ලෙස සේවයට බැදුනු සුසිල් ප්‍රේමලාල් මහතා ගේ සේවාකාලය මේ වනවිට වසර 37 කි.
ආරක්ෂක නිලධාරියකු ලෙස සේවයට බැදී දිවයින පුරා සේවා ස්ථාන රැසක සේවය කල සුසිල් ප්‍රේමලාල් මහතා වසර 30 කට පසු දුම්රිය ආරක්ෂක හමුදාවේ සැරයන් තනතුරට උසස්වීමක් ලදහ. එනම් 1992 වසරේදීය. එැතැන් සිට සිය රාජකාරිය නිසියාකර ඉටු කළ ඒ මහතා 2018 වසරේදි උපපරීක්ෂක වරයකු ලෙස උසස්වීම් ලබා කොටුව මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරි ලෙස අවසාන වශයෙන් කටයුතු කළේය. රාජකාරිය දේවකාරිය ලෙස ඉටුකල සුසිල් ප්‍රේමලාල් මහතා 2025 වසරේ ජුලි මස 14 දි මුලස්ථාන පරීක්ෂක වරයකු ලෙස උසස්වීම් ලබා සිය ධුර්යේ රාජකාරි බාර ගත්හ.
