මාලන් විතාන –
රජයේ ඖෂධවේදී වෘත්තිකයින්ගේ වෘත්තීය ගැටළු කිහිපයක් සඳහා විසදුම් ලබාගැනීම වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ විධායක සභාවේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
එම සාකච්ඡාවේ දී සායනික ඖෂධවේදය රෝහල් පද්ධතිය තුළ ආරම්භ කිරීම, ඖෂධවේදී සභාව ස්ථාපිත කිරීම, උපාධිධාරී ඖෂධවේදීන් සෞඛ්‍ය සේවාව සඳහා බඳවා ගැනීම, රජයේ ඖෂධවේදීන් සඳහා රාජකාරී වේලාවෙන් පසු පෞද්ගලික සේවයේ යෙදීමට අවස්ථාව සලසා ගැනීම, ප්‍රාථමික සෞඛ්‍ය සේවය රෝගී සත්කාර සේවාවන් ඉලක්ක කරගෙන සංවර්ධනය කිරීම හා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතිය සඳහා ඖෂධවේදි සේවාව ලබාගැනීම ආදී කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කෙරුණි.
වෘත්තීය ගැටළු කිහිපයකට මෙම සාකච්ඡාවේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ නිලධාරින් විසදුම් ලබාදීමට පියවර ගත් අතර, රජයේ ඖෂධවේදී වෘත්තිකයින්ගේ වෘත්තීය සේවා ශක්තිමත් කිරීමට අදාළව වැදගත් වු කරුණු කිහිපයක් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
