මාලන් විතාන
.
පිපිරීමෙන් හානි සිදුව ඇති වාට්ටු 02 ක් ඉදිරි දින 02 තුළත්, ශල්‍යාගාර සංකීර්ණය සහ දැඩිසත්කාර ඒකකයක් කඩිනමින් ආරමිභ කළ හැකි බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වරයා පවසයි.
පොළොන්නරුව චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද (වකුගඩු රෝග) විශේෂිත රෝහලේ වත්මන් තත්ත්වය අද (01)
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.
මෙහිදී ජාතික වකුගඩු රෝහල් මුළුතැන්ගෙහි සිදුවූ පිපිරීම් අනතුරෙන් හානියට පත් මුළුතැන්ගෙය සහ ඊට ආසන්නව පිහිටා ඇති, පිපිරීමෙන් හානි සිදු වී ඇති පිරිමි සහ ගැහැණු වාට්ටු සංකීර්ණ, ප්‍රධාන ශල්‍යාගාරය මෙන්ම වෛද්‍ය දැඩි සත්කාර ඒකකය (ICU) යන අංශයන්හි වත්මන් තත්ත්වය ලේකම්වරයාගේ සෘජු නිරීක්ෂණයට ලක්විය.
අනතුරුව රෝහල් අධ්‍යක්ෂවරිය ඇතුළු විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සමග සාකච්ඡාවක් ද පැවැත්විණි.
මෙහිදී සුළු හානි ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සීදුකර ගැහැණු සහ පිරිමි වාටිටු සංකීර්ණ ප්‍රතිකාර සේවා සඳහා කඩිනමින් යොදා ගැනීමේ හැකියාව සොයා බැලූ අතර, ඊට අවශ්‍ය උපදෙස් ද ලබා දෙන ලදි. එමෙන්ම ශල්‍යාගාර සේවා ද කඩිනමින් ආරමිභ කිරීමට අවශ්‍ය උපදෙස් ද ලබාදෙන ලදි.
මෙහිදී අදහස් දැක් වු සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේ රෝහලේ සිදු වූ පිපිරීම සම්බන්ධ විවිධ තාක්ෂණික කණ්ඩායම් කටයුතු සිදුකරගෙන යන බවත් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා චීන තානාපතිවරයා ඇතුළු කණ්ඩායම් සමග සිදු කළ සාකච්ඡාවට අනුව china AID හදිසි සහන ක්‍රමය යටතේ අවශ්‍ය කටයුතු සිදු කිරීමට විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සමඟ අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවද පැවසීය.
එහිදී පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල පමණක් නොව චීන ආධාර යටතේ නිමවන ලද රෝහල් සම්බන්ධයෙන්ද ඒ ආකාරයෙන්ම රෝහල් පවත්වාගෙන යාමට උදව් කිරීමට ඔවුන් එහිදී කැමැත්ත පළ කළ බවද ලේකම්වරයා පැවසීය.
