Spread the love


නිමල් රාජපක්ෂ 
නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයට අනුයුක්තව  ක්‍රියාන්විත සේවයේ යෙදී සිටියදී රණක්‍ෂිතයට පත් වීරෝධාර නාවික හමුදා පුද්ගලයින් වෙත උපහාර පිදීමේ උළෙලක්, පසුගියදා  ත්‍රීකුණාමලය නාවික තටාකාංගනයේ, හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහ මුලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

දසක තුනකට (03) ආසන්න කාලයක් මව්බිම වෙලා පැවති ත්‍රස්තවාදය මෙරටින් මුලිනුපුටා දමා,  ත්‍රස්තවාදය මානුෂිය මෙහෙයුමකින් විජයග්‍රහනය කර, දේශයේ උත්තරීතර නිදහස තහවුරු කිරීම  සඳහා, ශ්‍රී ලංකා නාවික හමුදාව තීරණාත්මක දායකත්වයක් දක්වන ලදි.  දේශයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සහ රණක්ෂිතයට පත්වෙමින් තම යුතුකම ඉටු කල, වීරෝධාර නාවික හමුදා පුද්ගලයින් සිදුකල අනභිබවනීය දායකත්වය සදානුස්මරණිය වේ.



ඒ අනුව, උතුරු නැගෙනහිර ඇතුළු සාගර කළාපයේ මුහුදු සංචරන කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීම වෙනුවෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරුණු සුවිශේෂි වගකීම ඉටුකිරීම සඳහා හතරවන වේගප්‍රහාරක යාත්‍රා සමූහය විසින් සිදුකල වීර වික්‍රමාන්විත ක්‍රියාන්විතයන් හමුවේ, ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කල සහ රණක්‍ෂිතයට පත් වීරෝධාර නාවික හමුදා පුද්ගලයින් වෙත උපහාර පිදීමේ අවස්ථාව සඳහා, ක්‍රීයාන්විතයේදී රණක්‍ෂිතයට පත්ව විශ්‍රාම ලබා සිටින නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහභාගී විය