Spread the love

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ විෂය පථය යටතේ ක්‍රියාත්මක වන 100% ක්ම භාණ්ඩාගාරය සතු සමාගමක් වන සීමාසහිත ලංකා සීනි පුද්ගලික සමාගම දුඹුරු සීනි විකිණීම සඳහා දිවයින පුරා විකුණුම් ස්ථාන සහ ගබඩා පහසුකම් පිහිටුවීමට සැලසුම් කර ඇත.

ඒ අනුව විකුණුම් ස්ථාන සහ ගබඩා පහසුකම් සඳහා අපේක්ෂිත ගොඩනැගිලි පහත සඳහන් කරුණු වලට අනුකූල විය යුතුය.

අභ්‍යන්තර ගොඩනැගිලි ඇතුළත වට ප්‍රමාණයේ අඩි 10 × 10 ලෙස සහ ගබඩා පහසුකම් අඩි 40 × 50 ලෙස තිබිය යුතුය.
ජල හා විදුලි සැපයුම තිබිය යුතුය.
අවුරුදු දෙකක සීමාවකට ගිවිසුම් වෙත වීමේ හැකියාව තිබිය යුතුය.
විකිණීමේ ස්ථාන සඳහා තෝරගත් ගොඩනැගිලි නගරයේ ප්‍රධාන මාර්ගය වෙත මුහුණලා තිබිය යුතුය.
ගබඩා පහසුකම එක් දිස්ත්‍රික්කයක, එක බැගින් පහත සඳහන් දිස්ත්‍රික්ක ස්ථානවලට සමීපව තිබිය යුතුය.
අතරමැදි (බ්‍රෝකරුවන්) කිසිසේත්ම පිළිගනු නොලැබේ.
මේ සඳහා අයදුම් කළ හැක්කේ ගොඩනැගිලි හිමිකරුවන් හට පමණි.
උනන්දුවක් දක්වන පාර්ශ්ව 2025 සැප්තැම්බර් 3 දක්වා සතියේ වැඩකරන දිනවල 09.00 සිට 16.00 දක්වා කාලය තුළ සභාපති ලංකා සීනි පුද්ගලික සමාගම, wing-B, 1 වන මහල, සෙත්සිරිපාය – අදියර 1, බත්තරමුල්ල ලිපිනයට ලිඛිතව ඉල්ලුම් කළ යුතුය.

අයදුම් පත්‍රය රුපියල් 5000.00 ක නැවත නොගෙවනු ලබන ලියාපදිංචි ගාස්තුවක් අදාළ වන අතර එම මුදල සීස ලංකා සීනි (පුද්ගලික) සමාගම, Wing-B, 1 වන මහල, සෙත්සිරිපාය – අදියර 1, බත්තරමුල්ල පිහිටි සීස ලංකා සීනි (පුද්ගලික) සමාගමේ මූල්‍ය අංශයට මුදලින් ද, එසේ නැතහොත් පහත සඳහන් බැංකු ගිණුමට තැන්පත් කර එහි ලදුපත ලියාපදිංචි ලේඛන සමග යුතුය ඉදිරිපත් කළ යුතුය.

ලංකා බැංකුව
මිලාගිරිය
සීස ලංකා සීනි (පුද්) සමාගම
ගිණුම් අංකය – 73927950

නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත සහ ඉල්ලා ඇති ඊට අදාළ ලේඛන සමඟ මුද්‍රා තැබූ ලියුම් කවරයක බහා 2025 සැප්තැම්බර් 4 වැනි දිනදා සවස 2.00 ට පෙර සභාපති සීස ලංකා සීනි (පුද්ගලික) සමාගම Wing-B, 1වන මහල, සෙත්සිරිපාය – අදියර 1, බත්තරමුල්ල වෙත අතින් ගෙනැවිත් ලියාපදිංචි තැපෑලෙන් හෝ කුරියර් සේවාවක් මගින් ලැබෙන්නට සැලැස්විය යුතුය. ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ “දුඹුරු සීනි විකිණීම සඳහා දිවයින පුරා විකුණුම් ස්ථාන පිහිටුවීම සහ ගබඩා පහසුකම් සඳහා ගොඩනැගිලි කුලියට ගැනීම” ලෙස පැහැදිලිව සඳහන් කළ යුතුය. භාර ගැනීම අවසන් වූ වහාම යෝජනා විවෘත කරනු ලැබේ. ලංසුකරුවන් හෝ ඔවුන්ගේ බලයලත් නියෝජිතයින් හට ලංසු විවෘත කරන අවස්ථාව සඳහා සහභාගි විය හැකියි. මෙහිදී ප්‍රමාද වී ලැබෙන මිල ගණන් ප්‍රතික්ෂේප කරනු ලැබේ. ටෙන්ඩර් මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වනු ඇත.

උනන්දුවක් දක්වන ලංසුකරුවන් හට වැඩි දුර තොරතුරු සීස ලංකා සීනි (පුද්) සමාගමේ ප්‍රසම්පාදන ප්‍රධානී වෙතින්
දු.ක +9412584184
ජංගම +94770103359
ෆැක්ස් +94112500674
ඊමේල් – sapumal@Isel.lk සහ සහකාර කළමනාකරු – අළෙවි +94710912252
ඊමේල් – nadeeshanisandamali@gmail.com මගින් ලබා ගත හැක.