Spread the love

වන අලින් වගා හානි කිරීමට සම්බන්ධයෙන් මේ මොහොතේ කළ හැකි ඉක්මන්ම පියවර සියලු අංශ එකතු කරගෙන අලි පලවා හැරීමේ කටයුත්ත බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටීබී සරත් මහතා සඳහන් කරයි.

මෙතෙක් එම කටයුත්තට වනජීවී දෙපාර්තමේන්තුව පමණක් මැදිහත් වුවද මේ වන විට යුද හමුදාව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු අංශ ගණනාවක් එක්වී අලි වනාන්තරවලට පනවා හැරීමේ ක්ෂණික ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බවද හෙතෙම පැවසීය.

ඉදිරි වසර දෙකක කාලය ඇතුළත අලි මිනිස් ගැටුම අවසන් කිරීමට කටයුතු කරන බවත් අනෙකුත් වන සතුන්ගේ උවදුරු ඉදිරි මාස හයක කාලයේදී අවසන් කරන බවත් හෙතෙම තව දුරටක් කියා සිටියේය.