දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත්හෙට (15) දිනයේ හළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එ අනුව,වයඹ, උතුරු-මැද, නැගෙනහිර පළාත් සහ කොළඹ, ගම්පහ, මොණරාගල, මන්නාරම, මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන සඳහා උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමේ පවතින බවය.
මේ අතර වැඩබිම් තුළ සිටින පුද්ගලයින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න ලෙසත් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
එමෙන්ම නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳව ද සැලකිලිමත් වෙන ලෙසත් වාහන තුළ කුඩා ළමුන් තනිවම රඳවා නොයන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටී
